Friday, June 20, 2014

අධිවේගී බස් මගිච්චි




ගෙදර උයපු බත් කටක් කන්න
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
 
අපරාදෙ ටුක් එකට දීපු සල්ලි!

Monday, June 16, 2014

මලී..



හිනැහෙන දොඩවන මිතුරිය සොයුරිය
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..

නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

Saturday, June 14, 2014

වෙනස






 "නිසා ඇසුර මුදු පෙම්වතියගෙ පහස
වීය දුරට සිව් ඈදුතු මිතුරු පෙම
යෙහෙළි තුනකි එක් මිතුරෙකි පෙර කලෙක
සරසවි බිමේ තුන්කට්ටුව එදා මෙන"

Friday, June 13, 2014

සමනලියේ..







මල් පෙත්තේ පාට පාට
ගත දවටා දුහුල් සේද
හිනැහි හිනැහි රොද බැඳිලා
කොහි යනවද සමනලියේ නුඹ

සීත උදේ පැද්දි පැද්දි
රහස් දොඩ දොඩා හිමිහිට
උකුළු මුකුළු කොමල පපා
කොහි යනවද සමනලියේ නුඹ

හීන් හුළඟෙ හීන් සැරේ
දොඩමලු වී මිතුරු රෑනෙ
නුඹත් එක්ක
නුඹෙ තනියට 
රංචු ගැහී එන්නද මම
 
දේදුන්නෙන් පාට අරන්
නුඹ වාගෙම හැඩට ඇඳන්
හොරෙන් හොරෙන් නුඹත් එක්ක
 
රංචු ගැහී එන්නද මම

Monday, June 9, 2014

සතුට (http://craftbyorange.com/. නිමැවූ සැම වෙනුවෙන්)


රැයක් දහවලක් නොදැක
කුස පිරුනිදැයි අමතකව
සිහිනය සිත්තම් කරන්නට
වෙර දැරූ නුඹ සැම
නිසි ඇගයුමින් පිදෙන තුරු
නෙත් දල්වා ඉඳිමි මෙලෙසින..


Let them reach the sky through your CLICK!!
Please vote  http://www.csswinner.com/details/orange-it/7469/