Monday, August 5, 2013

ඩ්‍රැකියුලා දත්




මේක අපි campus එකේ කරපු ෆිල්ම් එකක්.
Oගල දර්ශනය නොවැළැක්විය හැකි තාක්ෂණික දෝශයක් නිසා තිරගත කරගන්න බැරි උනාට අපි සියලුම රූපගත් කිරීම් නම් ඉවර කරා.

ඒක ඩ්රැකියුලා කතාවක්. කතාවෙ හැටියට ප්රේමණීය ඩ්රැකියුලා කෙනෙකුයි (තිලෝ) දුෂ්ට එකෙකුයි(ජනිත්) දෙන්නෙක්ම ඉන්නවා.
එක සීන් එකක් තිබුනෙ මේ දෙන්නගෙ  fight එකක්
Location තිබුනෙ physics building එකේ.
අපි camera  එහෙම අටවගෙන එහා පැත්තෙ chemistry building එකේ.

ඔන්න දැන්  fight  එක ජයටම යනවා.  මේ දෙන්න මේක් අප් එහෙම නියම ඩ්රැකියුලලා වගේම දාලා උල් දත් එහෙමත් දාලා හිටියෙ.  දත් දැම්මේ චුයින්ගම් වලින්.
කොහොමහරි චුයින්ගම් දතුත් පරිස්සම් කරගෙන දෙන්නා ගහගන්නවා වැඩ දාලා.

එක පරටම අපිට අමුතුම විදියේ සද්දයක් ඇහුනා. එතකොටම  දුෂ්ටයා බුදු අම්මෝ කියගෙන කට අල්ලගන්නව අපිට පෙනුනා.
අපිත් camera   දාලා දිව්වා මොකද උනේ බලන්න.
යනකොට  ප්රේමණීය ඩ්‍රැකියුලා ඉන්නව දුෂ්ටයගේ කට ඇතුලට එබී ගෙන.

අනේ අපේ  ඩ්‍රැකියුලා ගහපු පාරට දුෂ්ට ඩ්‍රැකියුලාගේ දතක් කැඩිලම ගිහින්
හැබැයි ඒ අපි දාපු චුයින්ගම් දත නෙවෙයි

යන්තම් වත් නරක් වෙලා වත් නැති අපේ දුෂ්ටයගේ හොද පුරස්චාර්වක දතක්.


Sunday, July 21, 2013

තරූ

හුස්මක් ගන්නටවත් තනියම

නිදහස අහිමි

සොදුරු සිතැත්තිය.......