Tuesday, November 11, 2014

වෙනස් වෙයන් නුඹ..


ස්නේහයේ තනුව
නුඹට නොරිසි ව
වැයෙන මුත්
අකීකරු සිත,
වෙනස් වෙයන් නුඹ
තනුවට රිසි ලෙස..
නොසොයනු මැන
වාදකයකු,
නුඹට රිසි ලෙස වයන්නට හැකි..


Tuesday, July 29, 2014


එනකම් මඟ බලා ඉඳ
අතගා තුටු පහටු වී
හාංකවිසියක් නොකියාම
මා හැර නික්ම යන
මගේ අසරණ
පඩිය..

Saturday, July 26, 2014


මා ළබැඳියා
මල් කුඩයක් සෙවනේ ඉඳ
දොඩමලු වී මාත් එක්ක
දෙපා නගයි ඈ තාලෙට..

Tuesday, July 8, 2014

..........





 හත්දින්නත් තරු පොකුරක
එක් තරුවක අතරමංව
යදමින් බැඳි වරා මලක
හිතුවක්කාර සිතිවිල්ල..
අමතකව කෙලිලොල් මලට
ගිලිහි ගිය කලෙක නටුවෙන්
ඉමක් කොනක් නොමදැක
නැවතිල්ලක් නොමදැන
පාව යන්නට වෙන වග..

Friday, June 20, 2014

අධිවේගී බස් මගිච්චි




ගෙදර උයපු බත් කටක් කන්න
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
 
අපරාදෙ ටුක් එකට දීපු සල්ලි!

Monday, June 16, 2014

මලී..



හිනැහෙන දොඩවන මිතුරිය සොයුරිය
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..

නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

Saturday, June 14, 2014

වෙනස






 "නිසා ඇසුර මුදු පෙම්වතියගෙ පහස
වීය දුරට සිව් ඈදුතු මිතුරු පෙම
යෙහෙළි තුනකි එක් මිතුරෙකි පෙර කලෙක
සරසවි බිමේ තුන්කට්ටුව එදා මෙන"

Friday, June 13, 2014

සමනලියේ..







මල් පෙත්තේ පාට පාට
ගත දවටා දුහුල් සේද
හිනැහි හිනැහි රොද බැඳිලා
කොහි යනවද සමනලියේ නුඹ

සීත උදේ පැද්දි පැද්දි
රහස් දොඩ දොඩා හිමිහිට
උකුළු මුකුළු කොමල පපා
කොහි යනවද සමනලියේ නුඹ

හීන් හුළඟෙ හීන් සැරේ
දොඩමලු වී මිතුරු රෑනෙ
නුඹත් එක්ක
නුඹෙ තනියට 
රංචු ගැහී එන්නද මම
 
දේදුන්නෙන් පාට අරන්
නුඹ වාගෙම හැඩට ඇඳන්
හොරෙන් හොරෙන් නුඹත් එක්ක
 
රංචු ගැහී එන්නද මම

Monday, June 9, 2014

සතුට (http://craftbyorange.com/. නිමැවූ සැම වෙනුවෙන්)


රැයක් දහවලක් නොදැක
කුස පිරුනිදැයි අමතකව
සිහිනය සිත්තම් කරන්නට
වෙර දැරූ නුඹ සැම
නිසි ඇගයුමින් පිදෙන තුරු
නෙත් දල්වා ඉඳිමි මෙලෙසින..


Let them reach the sky through your CLICK!!
Please vote  http://www.csswinner.com/details/orange-it/7469/

Friday, February 14, 2014

ටුක්කියේ....






වැඩ ඇරිලා මං එනකොට
(ඔව් ඔව් පෝයටත්  වැඩ තමයි )
ජෝඩු ජෝඩු හැමතැනම
ටුක්කියේ අදත් උඹ ගියානෙ......
හෙට විභාගලු කොලොම්පුරේ.....
පාලු තමයි මට
පාඩම් කරපං හොඳට....
උඹ ඉන්නකොට මට හැමදාම වැලන්ටයින්
දුක් නොවෙන් මගෙ ටුක්කියේ....

Wednesday, February 12, 2014

වෙනස කියන් මා මිතුරේ...





සල්ලි බාගෙ යහමින් නෑ
                                                                 සැප සම්පත් ඉහට උඩින්
ඉගෙන ගෙනත් නැතිලු වැඩිය
                                                                   ඩිග්රි එකට දෙකක් ඇතිය
මහ පොලොවේ ඉන්නේ ඔහු
                                                                  සුරංගනා ලෝකෙක ඇය


පෑහෙයිදෝ මේ දෙන්නා 
                                                රටටම හරි ගැටළුවක්ලු


"තත්වෙට හරි යන කොල්ලෙක්
හොයගන්න දන්නෙ නැද්ද"
                                                                  "හිතුවාදෝඋඹේ කෙල්ල
                                                                  ඉඳීවියැයි උඹේ ළඟම"

               




සෙනෙහෙ සිතින්
මියුරු බසින්
ළබැඳි හදින්
ආදරයෙන්.......

සිත්තම් කළ සොඳුරු ලොවේ
වෙනස කියන් මා මිතුරේ...

Tuesday, February 11, 2014

කිචිබිච්චෝ.....







කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ.......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ......

චීත්ත ගවුමක් ඇඳගෙන ඉන්නම්
ඉරිච්ච කමිසේ මහලා දෙන්නම්
චීස් පීසා මං හදල කවන්නම්
නිවිච්ච හිත ළඟ මුකුළු කරන්නම්

කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ.....

විචිකිච්චා හිත ඇතිදෝ නුඹෙ
මූනිච්චා වචන නොමැත මට
පොරොන්දු වෙච්චී නුඹෙ බට්ටිච්චී
හිනැහෙන්කො මගෙ කිචිබිච්චෝ

කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ........


Monday, January 20, 2014

අලුත් මිස්





සර්, HR  එකට ලස්සන මිස් කෙනෙක් ඇවිත්. පුලුවන් නම් යාලු කරගන්න. රේණුකා මෙහෙම කිව්වෙ line එකේ  quality supervisor සඳරුවන්ට. 

"හා හා කතාව නවත්තල මෙන්න මේ damage ටික හදන්න."
තියන ප්‍රශ්න මදිවට තව කෙල්ලො! සඳරුවන් හිතින් එහෙම හිතුවා.

සඳරුවන් ටිකක් ආඩම්බර, කාටවත් second  වෙන්න කැමතිත් නැති, කිසිම දෙයක් ගණන් ගන්නෙ නැති කොල්ලෙක්. හැබැයි තමන්ගෙ job එක උපරිමෙන්ම හරියටම කරනවා.

ලොක්කා එක්ක කතා කරන කහ පාට සාරියක් ඇඳල, කොන්ඩෙ උඩට කරල  pony tail   එකක් දාල, පොඩි මාලයක්, හීනි වලලු දෙකක් දාපු චුටි ලස්සන කහ කිරිල්ලි කවුද කියල හොයාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ   staff එකේ කොල්ලොන්ට වගේම මැෂින් වල එක සීරුවට මහ මහ හිටපු කෙල්ලො ටිකටත්.

"අවිස්සාවේල්ලෙ head office  ඉඳලා අපේ factory එකට ඇවිත් තියෙන්නෙ...." "මෙච්චර දුර?...." "ගෙවල් මෙහෙලු,ඒකලු........" "ලොකු ෆැමිලි එකකලු....." "කැම්පස් ගියපු එක්කෙනෙක්ලු......." "මැනේජර් එක්ක කතා කරල තියෙන්නෙ ඉංග්‍රීසියෙන්......" "ආඩම්බර ඇති....." "මාත් එක්ක නම් හිනා උනා හොඳට...."
මේ විදියට එක එක කතා...

"මම ගොඩක් කැමති මෙහේ වැඩ කරන්න. අලුතින් පටන් ගත්තු  factory   එක නිසා මට ගොඩක් වැඩ තියෙයි. මම ඒකට කැමති." තරුෂි කිව්වෙ පැහැදිලි කට හඬින්.

"මෙහේ වැඩ කරන අය අතරෙ ප්‍රේ සම්බන්දතා තියා ගන්න බෑ. ඒක මෙහේ නීතියක්." එහෙම කිව්වෙ මානව සම්පත් කළමණාකරු. තරුෂි හිනා උනේ හීනෙකින්වත් එහෙම දෙයක් හිතල තිබුනෙ නැති නිසා.

තරුෂිට වැඩ කරන්න තිබුනෙ නිරාශා එක්ක.


"ඔයාව අඳුරගන්න හැමෝම බලන් ඉන්නව" නිරාශා තරුෂිව staff එකේ හැමෝම ළඟට එක්ක ගියා.

ළහිරුලා චාමරලා වගේම quality එකේ ලොක්කත් එල්ලි එල්ලි කතා කරද්දි,  සඳරුවන් ආඩම්බරකමට යන්තම් හිනා වෙලා අතට අත දුන්න තරුෂිට.