Sunday, July 5, 2015

නුඹ කවුරුද..

හීන් හුළඟට සැලෙන බිඳෙන
කුණාටුවක දි හිනැහෙන
අපූරු නුඹ..

වෙන කවුරුද
මගෙම හිත මිස..

Thursday, January 15, 2015

මටත් මහන්සි දැන් නම්!

ඉවර නැතුව කියවන නුඹෙ
වචන ගිහින් දුර ගමනක්
ලෝබ නැතුව බෙදල දීපු
හිනාවෙ සායමත් ගිහින්
මොනව වෙලාදැයි හිතලම
මටත් මහන්සි දැන් නම්!

Tuesday, November 11, 2014

වෙනස් වෙයන් නුඹ..


ස්නේහයේ තනුව
නුඹට නොරිසි ව
වැයෙන මුත්
අකීකරු සිත,
වෙනස් වෙයන් නුඹ
තනුවට රිසි ලෙස..
නොසොයනු මැන
වාදකයකු,
නුඹට රිසි ලෙස වයන්නට හැකි..


Tuesday, July 29, 2014


එනකම් මඟ බලා ඉඳ
අතගා තුටු පහටු වී
හාංකවිසියක් නොකියාම
මා හැර නික්ම යන
මගේ අසරණ
පඩිය..

Saturday, July 26, 2014


මා ළබැඳියා
මල් කුඩයක් සෙවනේ ඉඳ
දොඩමලු වී මාත් එක්ක
දෙපා නගයි ඈ තාලෙට..

Tuesday, July 8, 2014

..........





 හත්දින්නත් තරු පොකුරක
එක් තරුවක අතරමංව
යදමින් බැඳි වරා මලක
හිතුවක්කාර සිතිවිල්ල..
අමතකව කෙලිලොල් මලට
ගිලිහි ගිය කලෙක නටුවෙන්
ඉමක් කොනක් නොමදැක
නැවතිල්ලක් නොමදැන
පාව යන්නට වෙන වග..

Friday, June 20, 2014

අධිවේගී බස් මගිච්චි




ගෙදර උයපු බත් කටක් කන්න
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
 
අපරාදෙ ටුක් එකට දීපු සල්ලි!