සල්ලි
බාගෙ යහමින් නෑ
සැප සම්පත් ඉහට උඩින්
ඉගෙන
ගෙනත් නැතිලු වැඩිය
ඩිග්රි එකට දෙකක් ඇතිය
මහ
පොලොවේ ඉන්නේ ඔහු
සුරංගනා ලෝකෙක ඇය
පෑහෙයිදෝ මේ දෙන්නා
රටටම හරි ගැටළුවක්ලු
"තත්වෙට
හරි යන කොල්ලෙක්
හොයගන්න
දන්නෙ නැද්ද"
"හිතුවාදෝඋඹේ කෙල්ල
ඉඳීවියැයි උඹේ ළඟම"
සෙනෙහෙ
සිතින්
මියුරු
බසින්
ළබැඳි
හදින්
ආදරයෙන්.......
සිත්තම්
කළ සොඳුරු ලොවේ
වෙනස
කියන් මා මිතුරේ...



