Monday, June 16, 2014

මලී..



හිනැහෙන දොඩවන මිතුරිය සොයුරිය
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..

නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

Saturday, June 14, 2014

වෙනස






 "නිසා ඇසුර මුදු පෙම්වතියගෙ පහස
වීය දුරට සිව් ඈදුතු මිතුරු පෙම
යෙහෙළි තුනකි එක් මිතුරෙකි පෙර කලෙක
සරසවි බිමේ තුන්කට්ටුව එදා මෙන"

Friday, June 13, 2014

සමනලියේ..







මල් පෙත්තේ පාට පාට
ගත දවටා දුහුල් සේද
හිනැහි හිනැහි රොද බැඳිලා
කොහි යනවද සමනලියේ නුඹ

සීත උදේ පැද්දි පැද්දි
රහස් දොඩ දොඩා හිමිහිට
උකුළු මුකුළු කොමල පපා
කොහි යනවද සමනලියේ නුඹ

හීන් හුළඟෙ හීන් සැරේ
දොඩමලු වී මිතුරු රෑනෙ
නුඹත් එක්ක
නුඹෙ තනියට 
රංචු ගැහී එන්නද මම
 
දේදුන්නෙන් පාට අරන්
නුඹ වාගෙම හැඩට ඇඳන්
හොරෙන් හොරෙන් නුඹත් එක්ක
 
රංචු ගැහී එන්නද මම

Monday, June 9, 2014

සතුට (http://craftbyorange.com/. නිමැවූ සැම වෙනුවෙන්)


රැයක් දහවලක් නොදැක
කුස පිරුනිදැයි අමතකව
සිහිනය සිත්තම් කරන්නට
වෙර දැරූ නුඹ සැම
නිසි ඇගයුමින් පිදෙන තුරු
නෙත් දල්වා ඉඳිමි මෙලෙසින..


Let them reach the sky through your CLICK!!
Please vote  http://www.csswinner.com/details/orange-it/7469/

Friday, February 14, 2014

ටුක්කියේ....






වැඩ ඇරිලා මං එනකොට
(ඔව් ඔව් පෝයටත්  වැඩ තමයි )
ජෝඩු ජෝඩු හැමතැනම
ටුක්කියේ අදත් උඹ ගියානෙ......
හෙට විභාගලු කොලොම්පුරේ.....
පාලු තමයි මට
පාඩම් කරපං හොඳට....
උඹ ඉන්නකොට මට හැමදාම වැලන්ටයින්
දුක් නොවෙන් මගෙ ටුක්කියේ....

Wednesday, February 12, 2014

වෙනස කියන් මා මිතුරේ...





සල්ලි බාගෙ යහමින් නෑ
                                                                 සැප සම්පත් ඉහට උඩින්
ඉගෙන ගෙනත් නැතිලු වැඩිය
                                                                   ඩිග්රි එකට දෙකක් ඇතිය
මහ පොලොවේ ඉන්නේ ඔහු
                                                                  සුරංගනා ලෝකෙක ඇය


පෑහෙයිදෝ මේ දෙන්නා 
                                                රටටම හරි ගැටළුවක්ලු


"තත්වෙට හරි යන කොල්ලෙක්
හොයගන්න දන්නෙ නැද්ද"
                                                                  "හිතුවාදෝඋඹේ කෙල්ල
                                                                  ඉඳීවියැයි උඹේ ළඟම"

               




සෙනෙහෙ සිතින්
මියුරු බසින්
ළබැඳි හදින්
ආදරයෙන්.......

සිත්තම් කළ සොඳුරු ලොවේ
වෙනස කියන් මා මිතුරේ...

Tuesday, February 11, 2014

කිචිබිච්චෝ.....







කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ.......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ......

චීත්ත ගවුමක් ඇඳගෙන ඉන්නම්
ඉරිච්ච කමිසේ මහලා දෙන්නම්
චීස් පීසා මං හදල කවන්නම්
නිවිච්ච හිත ළඟ මුකුළු කරන්නම්

කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ.....

විචිකිච්චා හිත ඇතිදෝ නුඹෙ
මූනිච්චා වචන නොමැත මට
පොරොන්දු වෙච්චී නුඹෙ බට්ටිච්චී
හිනැහෙන්කො මගෙ කිචිබිච්චෝ

කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ........