ඔය තරම් සංවේදී වෙන්න එපා....... එතකොට කොහොමද ජීවිතේ එන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ.....
මේ විදියට ඊයෙ හවස මගෙන් යාලුවෙක් ඇහුවා.
සංවේදී හදවතක් තියෙන එක ඇත්තටම දුර්වලකමක් ද?
ගහකින් හුළගට මලක් ගිලිහිලා වැටුනම අනේ ගහට දුක හිතුනද දන්නෙ නෑ කියල හිතෙන්නේ.........
දුක හිතෙන පුංචි කවියක් කියෙව්වම ඇස් වලට කඳුලු පිරෙන්නේ........
ඇත්තටම සංවේදී හදවතක් තියෙන කෙනෙක්ට විතරක් වෙන්න ඇති.
ඒත් ඒ වගේ කෙනෙක්ට කවදාවත් තවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න බැහැ, තමන්ට මොන විදියෙ වැරැද්දක් කළත්, මොන තරම් රිද්දෙව්වත්.
සමහර වෙලාවට කෙනෙක් කියපු එක වචනයක් නිසා සංවේදී හදවතක් දවස් ගණනකි අඬා වැටෙන්න ඇති.
එත් එයාට ඕනම වෙලාවක උදව්වක් කරන්න ඒ සංවේදී හදවතට පුලුවන්.
ඒත් තමන්ගෙන් නොදැනුවත්ව හරි පුංචි වැරද්දක් වෙලා වෙන හිතක් රිදුනොත් ඒක අමතක කරන්න ගොඩක් අමාරුයි.
හැමෝගෙම හදවත් ගොඩාක් සංවේදීයි. ඒත් ගොඩක් අයගෙ හදවත ආත්මාර්ථකමින් වැහිල ගිහින්.
පොඩ්ඩක් හිතල බලන්න මේ වෙනකොට අපේ අතින් කීදෙනෙක්ගෙ හිත් රිදිල ඇතිද කියල. හිතාගන්න බෑ නේද?
ආත්මාර්ථකාමී ගල් ගැහුනු හදවත අමතක කරල පොඩ්ඩක් සංවේදී වෙන්න බලන්න. එතකොට කාගෙවත් හිතක් රිදෙන එකක් නෑ කවදාවත්.
Wednesday, January 15, 2014
Monday, August 5, 2013
ඩ්රැකියුලා දත්
මේක අපි campus එකේ කරපු ෆිල්ම් එකක්.
මOගල දර්ශනය නොවැළැක්විය හැකි තාක්ෂණික දෝශයක් නිසා තිරගත කරගන්න බැරි උනාට අපි සියලුම රූපගත් කිරීම් නම් ඉවර කරා.
ඒක
ඩ්රැකියුලා කතාවක්. කතාවෙ හැටියට ප්‍රේමණීය ඩ්රැකියුලා කෙනෙකුයි (තිලෝ) දුෂ්ට එකෙකුයි(ජනිත්) දෙන්නෙක්ම ඉන්නවා.
එක
සීන් එකක් තිබුනෙ මේ දෙන්නගෙ fight එකක්
Location තිබුනෙ physics building එකේ.
අපි camera එහෙම අටවගෙන එහා පැත්තෙ chemistry building එකේ.
ඔන්න
දැන් fight
එක ජයටම යනවා. මේ
දෙන්න මේක් අප් එහෙම නියම ඩ්රැකියුලලා වගේම දාලා උල් දත් එහෙමත් දාලා හිටියෙ. දත්
දැම්මේ චුයින්ගම් වලින්.
කොහොමහරි
චුයින්ගම් දතුත් පරිස්සම් කරගෙන දෙන්නා ගහගන්නවා වැඩ දාලා.
එක
පරටම අපිට අමුතුම විදියේ සද්දයක් ඇහුනා. එතකොටම දුෂ්ටයා
බුදු අම්මෝ කියගෙන කට අල්ලගන්නව අපිට පෙනුනා.
අපිත් camera දාලා දිව්වා
මොකද උනේ බලන්න.
යනකොට ප්‍රේමණීය
ඩ්රැකියුලා ඉන්නව දුෂ්ටයගේ කට ඇතුලට එබී ගෙන.
අනේ අපේ ඩ්රැකියුලා ගහපු පාරට දුෂ්ට ඩ්‍රැකියුලාගේ දතක්
කැඩිලම ගිහින්
හැබැයි
ඒ අපි දාපු චුයින්ගම් දත නෙවෙයි
යන්තම්
වත් නරක් වෙලා වත් නැති අපේ දුෂ්ටයගේ හොද පුරස්චාර්වක දතක්.
Sunday, July 21, 2013
Subscribe to:
Posts (Atom)
