Wednesday, January 15, 2014

සැලෙන හදකින්......

ඔය තරම් සංවේදී වෙන්න එපා....... එතකොට කොහොමද ජීවිතේ එන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ.....

මේ විදියට ඊයෙ හවස මගෙන් යාලුවෙක් ඇහුවා.

සංවේදී හදවතක් තියෙන එක ඇත්තටම දුර්වලකමක් ද?

ගහකින් හුළගට මලක් ගිලිහිලා වැටුනම අනේ ගහට දුක හිතුනද දන්නෙ නෑ කියල හිතෙන්නේ.........
දුක හිතෙන පුංචි කවියක් කියෙව්වම ඇස් වලට කඳුලු පිරෙන්නේ........
ඇත්තටම සංවේදී හදවතක් තියෙන කෙනෙක්ට විතරක් වෙන්න ඇති.

ඒත් ඒ වගේ කෙනෙක්ට කවදාවත් තවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න බැහැ, තමන්ට මොන විදියෙ වැරැද්දක් කළත්, මොන තරම් රිද්දෙව්වත්.

සමහර වෙලාවට කෙනෙක් කියපු එක වචනයක් නිසා සංවේදී හදවතක් දවස් ගණනකි අඬා වැටෙන්න ඇති.
එත් එයාට ඕනම වෙලාවක උදව්වක් කරන්න ඒ සංවේදී හදවතට පුලුවන්.

ඒත් තමන්ගෙන් නොදැනුවත්ව හරි පුංචි වැරද්දක් වෙලා වෙන හිතක් රිදුනොත් ඒක අමතක කරන්න ගොඩක් අමාරුයි.

හැමෝගෙම හදවත් ගොඩාක් සංවේදීයි. ඒත් ගොඩක් අයගෙ හදවත ආත්මාර්ථකමින් වැහිල ගිහින්.

පොඩ්ඩක් හිතල බලන්න මේ වෙනකොට අපේ අතින් කීදෙනෙක්ගෙ හිත් රිදිල ඇතිද කියල. හිතාගන්න බෑ නේද?

ආත්මාර්ථකාමී ගල් ගැහුනු හදවත අමතක කරල පොඩ්ඩක් සංවේදී වෙන්න බලන්න. එතකොට කාගෙවත් හිතක් රිදෙන එකක් නෑ කවදාවත්. 

3 comments:

  1. කාගෙවත් හිතක් රිද්දපු කෙනෙක්ට ඒ දේ ගැන තේරෙන්නේ තමන්ගේ හිතත් රිදුනම කියලයි මම නම් හිතන්නේ..

    මේ බ්ලොග් එක ෆලෝ ගැජට් එක නැත්තේ මොකද?

    ReplyDelete
  2. ඔව් ඒක වෙන්න පුලුවන්. ඒත් අනුන්ගෙ හිත් සතුටින් තියන්න ගිහින් තමන්ගෙ හිත රිද්දගන්න අයත් ඉන්නවා..
    ඔන්න ෆලෝ කරන්න පුලුවන් දැන්..

    ReplyDelete
  3. අමතක උනා කලින් කියන්න.. blog එකේ මුල්ම comment එක!! ස්තුතියි!!!!!!!

    ReplyDelete