Monday, January 20, 2014

අලුත් මිස්





සර්, HR  එකට ලස්සන මිස් කෙනෙක් ඇවිත්. පුලුවන් නම් යාලු කරගන්න. රේණුකා මෙහෙම කිව්වෙ line එකේ  quality supervisor සඳරුවන්ට. 

"හා හා කතාව නවත්තල මෙන්න මේ damage ටික හදන්න."
තියන ප්‍රශ්න මදිවට තව කෙල්ලො! සඳරුවන් හිතින් එහෙම හිතුවා.

සඳරුවන් ටිකක් ආඩම්බර, කාටවත් second  වෙන්න කැමතිත් නැති, කිසිම දෙයක් ගණන් ගන්නෙ නැති කොල්ලෙක්. හැබැයි තමන්ගෙ job එක උපරිමෙන්ම හරියටම කරනවා.

ලොක්කා එක්ක කතා කරන කහ පාට සාරියක් ඇඳල, කොන්ඩෙ උඩට කරල  pony tail   එකක් දාල, පොඩි මාලයක්, හීනි වලලු දෙකක් දාපු චුටි ලස්සන කහ කිරිල්ලි කවුද කියල හොයාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ   staff එකේ කොල්ලොන්ට වගේම මැෂින් වල එක සීරුවට මහ මහ හිටපු කෙල්ලො ටිකටත්.

"අවිස්සාවේල්ලෙ head office  ඉඳලා අපේ factory එකට ඇවිත් තියෙන්නෙ...." "මෙච්චර දුර?...." "ගෙවල් මෙහෙලු,ඒකලු........" "ලොකු ෆැමිලි එකකලු....." "කැම්පස් ගියපු එක්කෙනෙක්ලු......." "මැනේජර් එක්ක කතා කරල තියෙන්නෙ ඉංග්‍රීසියෙන්......" "ආඩම්බර ඇති....." "මාත් එක්ක නම් හිනා උනා හොඳට...."
මේ විදියට එක එක කතා...

"මම ගොඩක් කැමති මෙහේ වැඩ කරන්න. අලුතින් පටන් ගත්තු  factory   එක නිසා මට ගොඩක් වැඩ තියෙයි. මම ඒකට කැමති." තරුෂි කිව්වෙ පැහැදිලි කට හඬින්.

"මෙහේ වැඩ කරන අය අතරෙ ප්‍රේ සම්බන්දතා තියා ගන්න බෑ. ඒක මෙහේ නීතියක්." එහෙම කිව්වෙ මානව සම්පත් කළමණාකරු. තරුෂි හිනා උනේ හීනෙකින්වත් එහෙම දෙයක් හිතල තිබුනෙ නැති නිසා.

තරුෂිට වැඩ කරන්න තිබුනෙ නිරාශා එක්ක.


"ඔයාව අඳුරගන්න හැමෝම බලන් ඉන්නව" නිරාශා තරුෂිව staff එකේ හැමෝම ළඟට එක්ක ගියා.

ළහිරුලා චාමරලා වගේම quality එකේ ලොක්කත් එල්ලි එල්ලි කතා කරද්දි,  සඳරුවන් ආඩම්බරකමට යන්තම් හිනා වෙලා අතට අත දුන්න තරුෂිට.

5 comments:

  1. තව දිගට යන කතාවක්ද මේක?

    කමෙන්ට් මොඩරේශන් එකත් අයින් කරානම් අපිට ලේසියි..

    ReplyDelete
  2. ඔව් තව කොටස් 3ක් වත් තියේවි මේකෙ.

    තාම මං මේකට අලුත්නෙ ඒකයි අඩුපාඩු තියෙන්නෙ. තාක්ෂනික දැනුම හරිම අඩුයි. දැන් හරිඇති මං හිතන්නේ.

    ReplyDelete
  3. වළලුට ගිගිරි වළලු ලැබේවා....දිගටම ලියන්න.....ජයවේවා!!

    ReplyDelete
  4. වළලු.....මමත් වැඩිය ටෙක්නිකල් සයිඩ් එක දන්නේ නැහැ. කාගෙන් හරි අහගන්න.

    වර්ඩ්ස් වෙරිෆිකේෂන් අයින් කරන්න. කමෙන්ට් බොක්ස් එක පොඩ්ඩක් අප්සෙට්. පටු වැඩි නිසාද මන්දා...පබ්ලිශ් කරන්න ඉස්සෙල්ලා කමෙන්ට් එක කියවන්න බැහැ. කොටසයි පේන්නේ.

    ReplyDelete
  5. ඉවර නැ නේ.ඉතුරුවත් බලමු.

    ReplyDelete