Wednesday, February 12, 2014

වෙනස කියන් මා මිතුරේ...





සල්ලි බාගෙ යහමින් නෑ
                                                                 සැප සම්පත් ඉහට උඩින්
ඉගෙන ගෙනත් නැතිලු වැඩිය
                                                                   ඩිග්රි එකට දෙකක් ඇතිය
මහ පොලොවේ ඉන්නේ ඔහු
                                                                  සුරංගනා ලෝකෙක ඇය


පෑහෙයිදෝ මේ දෙන්නා 
                                                රටටම හරි ගැටළුවක්ලු


"තත්වෙට හරි යන කොල්ලෙක්
හොයගන්න දන්නෙ නැද්ද"
                                                                  "හිතුවාදෝඋඹේ කෙල්ල
                                                                  ඉඳීවියැයි උඹේ ළඟම"

               




සෙනෙහෙ සිතින්
මියුරු බසින්
ළබැඳි හදින්
ආදරයෙන්.......

සිත්තම් කළ සොඳුරු ලොවේ
වෙනස කියන් මා මිතුරේ...

5 comments:

  1. සෙනෙහෙ සිතින්
    මියුරු බසින්
    ළබැඳි හදින්
    ආදරයෙන්.......

    සිත්තම් කළ සොඳුරු ලොවේ
    වෙනස කියන් මා මිතුරේ...

    wenasa mathu wenne kasaada bandata passe

    ReplyDelete
    Replies
    1. බඳින්න කලින් වෙනසක් තිබුනෙ නැත්නම් පස්සෙ වෙනස හොයන්න යන්නෙ නැතුව ඉන්නවනම් කලින් වගේම ඉන්න පුලුවන් නේද?

      Delete
  2. අග හිග කම් එද්දි ආදරේ පෑල දොරින් පැනල යනව කීවට ඇත්තටම ආදරෙ වෙන ලුණුයි බතුයි හරි කාල ඉන්න අය ඕන තරං.. හැබැයි උං දුප්පත් සල්ලි වලින්... හිත දුප්පත් නෑ...
    කාසි බාගෙ තියෙන උන්ට වඩා උං ඒ අතිං සෑහෙන්න ඉස්සරහින් ඉන්නව

    ReplyDelete
    Replies
    1. ෆලෝ කරන්න බෑ... ගැජට් එක පිස්සු කෙලිනව... ඔක හදන්න නැත්තං කට්ටියට එපා වෙයි... මං ලිංක් එප කොපි කරප ෆලෝ පාරක් දාන්නං ඒත් ඕක ඉක්මණට හදාගන්න

      Delete
    2. //හැබැයි උං දුප්පත් සල්ලි වලින්... හිත දුප්පත් නෑ...
      කාසි බාගෙ තියෙන උන්ට වඩා උං ඒ අතිං සෑහෙන්න ඉස්සරහින් ඉන්නව// මේක නම් හරියටම හරි....
      technical side zero... ඒකයි මේ..... බලමු try කරලා. අමාරුවෙන් හරි follow කරනවට ස්තුතියි!

      Delete