Friday, June 13, 2014

සමනලියේ..







මල් පෙත්තේ පාට පාට
ගත දවටා දුහුල් සේද
හිනැහි හිනැහි රොද බැඳිලා
කොහි යනවද සමනලියේ නුඹ

සීත උදේ පැද්දි පැද්දි
රහස් දොඩ දොඩා හිමිහිට
උකුළු මුකුළු කොමල පපා
කොහි යනවද සමනලියේ නුඹ

හීන් හුළඟෙ හීන් සැරේ
දොඩමලු වී මිතුරු රෑනෙ
නුඹත් එක්ක
නුඹෙ තනියට 
රංචු ගැහී එන්නද මම
 
දේදුන්නෙන් පාට අරන්
නුඹ වාගෙම හැඩට ඇඳන්
හොරෙන් හොරෙන් නුඹත් එක්ක
 
රංචු ගැහී එන්නද මම

4 comments:

  1. ලස්සනයි
    අපූරුයි

    ReplyDelete
  2. ඇනස්ලිගේ සින්දුවක් තියෙනවා "කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ..." කියලා. මට ඒක මතක් උනා..

    ReplyDelete
    Replies
    1. "කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ
      සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ .."

      කොමෙන්ටුව ගොඩක් වටිනවා..

      Delete